නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව වගකීමෙන් කටයුතු කිරීම නිසා ගිංතොට තත්ත්වය පාලනය කිරීමට හැකි වුණා

    දෙසැම්බර් 05, 2017

    පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව වගකීමෙන් කටයුතු කිරීම නිසා පසුගිය දා ගිංතොට ඇති වූ සිදු තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නයක මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ස්ථාවර නියෝග යටතේ විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    තුවාල ලබූ හා දෙපළ හානී වූ 134කගෙන් ප්‍රකාශ සටහන්  ලබා ගත්තා .දේපල හානි පිළිබඳ වාර්තාවක් සකස් කර ඇත. කිසිදු අවස්ථාවක පොලීසිය සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඉවත් කිරීමක් සිදු කර නොමැත. ඉදිරි මෙවැනි තත්ත්වය ඇතිවීම වැළැක්වීමට එම ස්ථානයේ පොලිස් මුරපොළක් පිහිටුවා ඇත. හිත් බීදීම් සමනය කිරීමට ආගමික නායකයින්, විද්වතුන් ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇත. ආරක්ෂාව තවමත් පවත්වාගෙන යනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya