නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදුවප් පුර පසළොස්වක පොහෝ දින වැඩසටහනට ජනපති එක්වෙයි

    දෙසැම්බර් 03, 2017

    සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ උදුවප් පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන අද (03) පෙරවරුවේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව විහාරාධිපති අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක, ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද ස්වාමීන් වහන්සේ බැහැදැක, උන් වහන්සේට පිරිකර පූජා කොට ආශිර්වාද ලබා ගත්තේය.

     

    සිරි වජිරාරාම දහම් පාසලේ නියෝජ්‍ය ප‍්‍රධාන ආචාර්ය, ගෞරව ශාස්ත‍්‍රවේදී පූජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූ අතර ධර්මය ශ‍්‍රවණය කිරීමට ද ජනාධිපතිවරයා එක්විය.

     

    විහාරස්ථානයේ අභිනවයෙන් ස්ථාපිත කර තිබූ සූර්යබල පද්ධතිය ද විවෘත කෙරුණේ ජනාධිපතිවරයා අතිනි.

     

    මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටි සැදැහැවතුන් සමඟ ද ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත විය.

     

    ධර්ම දේශනාව ශ‍්‍රවණයට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, පාඨලි චම්පික රණවක, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ සහ මලිත් ජයතිලක, පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි, රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් මැති ඇමතිවරුන් ද රාජ්‍ය නිලධාරීන් සහ ප‍්‍රදේශවාසී සැදැහැවත්හු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya