නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැඟෙනහිර පළාත්වල කර්මාන්තශාලා ස්ථාපිත කිරීමට පියවර - රාජ්‍ය ව්‍යවසායන් ලාබ ලබන ආයතන බවට පත් කළා

    නොවැම්බර් 29, 2017

    2018 වනවිට විශේෂ වෙළඳ ආයතන 500ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් කළමනාකරණ ක්‍රියා පටිපාටි හඳුන්වා දෙමින් රාජ්‍ය ව්‍යවසායන් ලාබ ලබන ආයතන බවට පත් කිරීමට කටයුතු කර තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (29) පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

    අපේ ව්‍යවසායකත්වය සංවර්ධනයට සහයෝගයෙන් කටයුතු කරමින් සිටිනවා.පුහුණු වැඩසටහන් ව්‍යවසායකයන් 5000කට පුහුණුව ලබාදීමට හැකි වුණා. කර්මාන්ත ශිල්පීන් 25,000කට පුහුණුව ලබාදුන්නා. අපගේ තරුණ පරපුරට රැකියා ලබා දීමට මෙය ප්‍රයෝජනවත් වුණා. උතුරු නැඟෙනහිර ප්‍රදේශවල කුඩා කර්මාන්ත ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රදේශවල කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා.

    රාජ්‍ය ව්‍යවසායන් ලාබ ලබන අයතන බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. කළමනාකරණ ක්‍රියා පටිපාටි අප හඳුන්වා දී තිබෙනවා.ආයතන ලාබදායි කරන්න හැකි වුණා. ලක්සල ලාබදායි ආයතනයක් කරන්න හැකි වුණා.
    රුපියල් මිලියන 32ක් කහටගහ පතල ලාබ ලැබුවා. මිණිම් දෙපාර්තමේන්තුව මඟින් ලාබ ලබාගන්න පුළුවන් වුණා.සතොස ආයතනයට හැකි වුනා, සහල් හා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය අවම කිරීමට. පැමිණිලිවලට
    ක්‍රියාත්න්මක වුනා. 2018 වනවිට විශේෂ වෙළඳ ආයතන 500ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදෙනවා.අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට විසඳුම් ලබාදී තිබෙනවා. නියඟය නිසා හාල් හිඟය
    ආවා. අත්‍යවශ්‍ය භාණ්ඩ සෑම ප්‍රදේශයකටම ලබා දීම සඳහා සතොස හා පෞද්ගලික ආයතන සම්බන්ධ වී එකට වැඩකරනවා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya