අමාත්‍යවරයා අද (29) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ් කළේ, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට චෝදනා කීපයක් ආවා. අනුන්ගේ පවු මේවා. කැබිනට් තීන්දුවක් නතිව, එදා පාලකයෝ කීප දෙනෙක් එකතු වෙලා ගුවන් යාන අටක් ගන්න තීරණය කළා. මේවා අපට අවශ්‍ය ඒවා නොවේ. ඩොලර් තුන්
ලක්ෂයක් වැඩි පුර ගෙවලා. අපේ ගුවන් සමාගමට ගැලපෙන්නේ නෑ. ගිවිසුම් අවලංගු කරගන්න බෑ. ඩොලර් මිලියන 89 ක දඬයක් ගෙවන්න සිදු වුණා. ඩොලර් මිලියන 30ක් එක වසරකට පාඩුව ගුවන් යානා ගත්තා නම්. ඒවා අලංගු කිරීමට් අවසන් තීරණය ගන්න සිදු වුණා.
බිලියන 1.4 ක් පාඩුවෙන ගුවන් යානා ආනයනය කරන්න කටයුතු කර තිබුණා. තමන්ට ඕන ලෙස ගුවන් යානා ආනයනය කරල තිබුණා. එයාලගේ පවු රටේ ජනතාවට ගෙවන්න සිදු වෙලා තියෙනවා. මිහින් එයර් සේවය පාඩුයි. අන්තිමට වෙන්නේ රුපියල් බිලියන 19ක පාඩුවක් විදින්න් අවුණා.
හයට් හෝටලයේ කොන්තරාත්තුවක් අවලංගු කළා. පසුබිම දැනගෙන කතා කරන්න ඕන. හදිසියේ ජනවාරි 7 වෙනි දින තුන් දෙනෙක් එකතු වෙලා, ඡන්දයට කලින් කොන්තරාත්තුව අනුමත කරනවා. හොර කොන්තරාත්තුව නිසා, වැඩ ආරම්භ කර නති නිසා මේක නැවැත්තුවේ.එයයි අප කළේ, හයට් හෝටලය හදනකොට සුපිරි අපර්ට්මන්ට් ගහනවා. රජපවුලට විය හකියි.රජයට කෝටි ගණනක් පාඩුයි.එය වෙනස් කරන්න වියදමක් ගියා. විදුලි සෝපානයක් තිබුණා. මිලියන 40ක් ගියා ඒක වෙනස් කරන්න.විදුරු ගෙවල්වල ඉදලා ගල් ගහන්න එපා. අත්සන් කළ ජාත්‍යන්තර ගිවිසුම්.
සාරය උරා බීලා හප කරපු ආයතන ගණනාවක් අයේ පල උපද්දන ගස් බවට පත් කළා. ඒවා හප කරපු වවුල්ලු අද මේ වෙනස දැක්කාම හිවල්ලු වගේ හූ කියනවා.අපිට අභියෝග ගණනාවක් තිබෙනවා.2006 සිට 2014 දී රාජ්‍ය ආයතනවල සිදු වූ සමස්ත පාඩුව රු බිලියන 605යි. අපේ දළ දේශීයනිෂ්පදනයෙන් සියයට 18%ක්.මේක තමයි අප බාර ගත්තේ. 2016 පසු රාජ්‍ය අදායම වැඩි වුණා. බාණ්ඩාගාරයට දෙන ආදායම වැඩි කරන්න හැකි වුනා. අපට වැඩකොටසක් තියෙනවා. ප්‍රධාන කාර්යසාධක දර්ශක ආයතනවලට යවා තිබෙනවා. ප්රතිසම්පාදනයට වැඩපිළිවෙලක් සකස් කළා. රාජ්‍ය ව්‍යවසායක මණ්ඩලයක් සකස් කළා. රාජ්‍ය ආයතන කාර්යක්ෂම ඉලක්ක වෙත ගෙන යෑමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා කීය