නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු වරාය සංවර්ධනය කිරීමට යුනෙස්කෝ අනුමැතිය - නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම

    නොවැම්බර් 28, 2017

    ගාලු වරාය සංවර්ධනය කිරීමට යුනෙස්කෝ අනුමැතිය ලැබී තිබෙන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (28) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.

    නැඟෙනහිර පර්යන්තය වෙනස් සමාගම්වලට බාර දෙන්නේ නෑ, ජැටියේ කටයුතු ආරම්භ කරන්න කටයුතු කරනවා කිව්වා. ගාලු වරාය සංවර්ධනය කරන්න තිබූ බාධාව වූ යුනෙස්කෝ අනුමැතිය ලැබී තිබෙනවා. ගලු වරාය සංවර්ධනය විය යුතුයි. ත්‍රීකුණාමලය වරාය සංවර්ධනය කළ යුතුයි. අපේ වරාය අධිකාරියට ගොඩනගන්න හැකි වරායක්.

    හම්බන්තොට සේවකයෝ ගැන හිතන්න තිබුණේ බඳවා ගන්නකොටයි. ලබන මාස නවය වෙන විට ශ්‍රී ලංකන් සමාගම් දෙකක් වැඩ ආරම්භ වෙනවිට සේවකයන්ට වන්දියක් හා රැකියා සුරක්ෂිත කරන්න එකඟතාවය පළ කර තිබෙනවා. කොළඹ වරායේ සේවකයන්ට ඉදිරියේ දී බෝනස් ලබාදෙනවා. නැව් සංස්ථාව ලාබ ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට හැකි වී තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya