අමාත්‍යවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී කම්කරු හා වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.
මේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වැඩ කරන ජනතාවයි.කම්කරු අමාත්‍යාංශ අයිතිවාසිකම් ලබදෙන්න කටයුතු කරනවා. ශ්‍රම බලකාය තිරසාර ඉලක්ක සපුරාගැනීමට දක්වන කැපවීම අගය කළ යුතුයි.පසුගිය කාලයේ දී කම්කරු කාර්යාල ගණනාවක් රට තුළ විවෘත කළා.මුලතිව් හා කිළිනොච්චි ප්‍රදේශවල නව කම්කරු කාර්යාල ඉදි කළා.
කාර්මික සාමය ඇති කිරීම කම්කරු දෙපාර්තමේන්තුවට පමණක් කරන්න බෑ. වෘත්තීය ව්‍යාපාරය ශක්තිමත් වෙනවා. එය සතුටට කරුණක්. රැකියා දස ලක්ෂය සපුරාලීම සඳහා කාර්යක්ෂම කටයුතු කරනවා. රැකියා විරහිත තරුණ තරුණියන් 7000කට පමණ රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කර තිබෙනවා. යම යම් සංශෝධනය කර තිබෙනවා,අනතුරු සඳහා වන්දි මුදල සංශෝධනය කර වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. අණපනත් පැරණි ඒවා තියෙනවා. අදට ගැළපෙන ලෙස මේ කම්කරු නීති රීති සමාලෝචනය කරන්න අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.