විදේශ කටයුතුඅමාත්‍යාංශයේ වැයශීර්ෂ විවදයට අඳහස් දක්වමින් රාජ්‍ය අමත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
වැදගත් යෝජනා ඉදිරිපත් වුණා. නපෝලි කොන්සියුලර් කාර්යලයක් ආරම්භ කිරීම පිළිබඳව සොයා බලා වැඩපිළිවෙලක් සකස් කරනවා.
නේස්බි සාමිවරයාගේ ප්‍රකාශය ගැන දන්නවා. විශාල වෑයමක් දරාලා කරුණු සඳහන් කළේ. ඒවායින් නිසි පියවර ගන්න ගන්නවා. නිසි කලට නියම ප්‍රයෝජනය ලබාගන්න හැකියාවක් තිබෙනවා.
අපේ පාඩුවේ වැඩේ කරන්න දෙන්න. අපි කළ යුතු දේ දන්නවා. යුද අපරාධ ගැන ප්‍රකාශ කරන්න ඕන නෑ. ජාත්‍යන්තරයට වැරදි පින්තූර දෙන්න එපා. වැඩේ වණ කරගන්න එපා.අපි ජාතිවාදීන් නොවේ. රටට මෙන් ම සෙබළුන්ට යුක්තිය ඉටු කළ යුතුයි. යුක්තිය ඉටු කර ගමන් ලබා දි ඇති පොරොන්දු පිළිබඳව නිසි වැඩපිළිවෙල යථා පරිදි ක්‍රියාත්මක කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.