නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සහසර ව්‍යාපෘතිය'' රටපුරා ක්‍රියාත්මකයි- පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුයි

    නොවැම්බර් 25, 2017

    රජය විසින් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බවත් එසේ නොවුණොත් අපේ ආර්ථික ඉලක්ක කරා යෑමට නොහැකි වනු ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ප්‍රවාහන, විදේශ කටයුතු යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි

    ඇතැම් තානපති කාර්යාලවල වීසා ගන්න යනකොට ජනතාව පදික වේදිකාවල ඉන්නවා. පාන්දර හතරේ ඉදන් පොලිම්වල ජනතාව ඉන්නවා.මේක අනෙක් රටවල දකින්න ලැබෙන්නේ නෑ, ජනතාව අපහසුතාවයට ලක් වෙනවා. එය රට තුළ නොවිය යුතු කරුණක්.

    බිලියන 50 සෘජුව ප්‍රවාහනය සඳා වැය කරනවා. පොදු ප්‍රවාහනය ශක්තිමත් නොවීමෙන් තවත් බිලියන 150ක් පමණ වැය කරනවා. මෙය දකින්නේ නෑ. පෞද්ගලික වාහන වැඩි වෙලා. ඉන්ධන සඳහා වැය වන මුදල වැඩි වෙලා.මෙය ආර්ථික වර්ධනයට බලපානවා. මේ පිළිබඳව රජයක් ලෙස ප්‍රතිපත්තිමය ලෙස අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

    සෑම කෙනෙකුටම පෞද්ගලික වාහනයක් තිබීම හොඳ දෙයක් එහෙත් රජයේ ප්‍රතිපත්තිය විය යුත්තේ පොදු ප්‍රවාහනයට ජනතාව වැඩි නැඹුරුතාවක් ඇති කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සෑම ප්‍රධාන නගරයම රථවාහන වේගය අඩු වෙලා. සෑම රජයක් ම මාර්ග සඳහා වැඩි මුදලක් වෙන් කරන්න කටයුතු කළා.

    අධිවේගී මාර්ග රටට අවශ්‍යයි.මාර්ග වෙනුවෙන් මුදල් යෙදවිය යුතුයි. ඊට සාපේක්ෂව පොදු ප්‍රවාහනය වෙනුවෙන් වෙන් කළ යුතුයි. මුදල් ක්‍රම ක්‍රමයෙන් ඉදිරියේ දී යෙදවිය යුතුයි.වර්තමාන රජය අයවයෙන් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ඉදිරිවසර හතර තුළ සහසර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කර තිබෙනවා. ජනතා අවශ්‍යතාවය අනුව විධිමත් ප්‍රවාහන කාලසටහනක් සැකසීම අවශ්‍යයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya