නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීවමිතික ජාතික නාම ලේඛනය සකස් කිරීම ලබන වසරේ ආරම්භ කරනවා

    නොවැම්බර් 23, 2017

    ජීවමිතික ජාතික නාම ලේඛනය සකස් කිරීම ලබන වසරේ ආරම්භ කිරීමට කටයුතු කරන බව අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න මහතා වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    දැනට කලාකරුවන් පනහකට වඩා සංඛ්‍යාවකට විශ්‍රාම වටුප් ලබාදී තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රධාන අංශ ස්ථාපිත කර තිබෙනවා. 658725ක් ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙනවා. රුපියල් මිලියන 3800ක ආදායමක් ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන් ලබාගෙන තිබෙනවා.  

    නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් හදුන්වාදීමට කටයුතු සිදු කරමින් පවතිනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සුවිශේෂී දෙපාර්තමේන්තුවක්. ජාතික නාම ලේඛනය සඳහා තොරතුරු එකතු කිරීමේ ජාතික
    වැඩසටහනට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. වසර 2018 දී අරම්භ කිරීමට නියමිතයි. මහජනතා සේවා පහසුකිරීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම ලබාගැනීමට පහසුකම් සළසා තිබෙනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya