මන්ත්‍රී බුද්ධික පතිරණ මහත විමසූ වාචික පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
පශු වෛද්‍යවරුන්ගේ හිඟයක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා,දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් අවම මට්ටමක පවතින බව අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා - සත්ව රෝහල් වැඩිදියුණු කරන්න වැඩපිළිවෙලක් තියෙනවාද?
අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා - නවීන රෝහලක් හදනවා.ලෝකයේ උසස් තත්ත්වයක සත්වෝද්‍යානයක් බවට දෙහිවල සත්වෝද්‍යානය පත් කරනවා.