කෘෂි කර්ම අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
අපට දරුණු නියඟයක් තිබුණා. සියයට 50%කින් ආහර බෝග අඩු වුණා. නැතිනම් සහලින් ස්වයංපෝෂිත වෙනවා. අතිගරු ජනධිපතිතුමා සැලසුමක් සකස් කර තිබෙනවා. ගොවියා ආර්ථිකවශයෙන් ශක්තිමත් කිරීම් හා තරුණයන් ගොවිතැනට සම්බන්ධ කරලීම, තුන් අවුරුදු ආහාර සැළැස්මේ අරමුණක්. අපේක්ෂිත ඉලක්කය කුරක්කන් බීජ කිලෝග්‍රෑම් 10000යි . සියයට 75%ක් කුරක්කන් නිෂ්පාදනය කරනවා.
''සිතමු කාන්තා'' ගොවි සංවිධාන පිහිටුවීම සිදු කළේ ඉතිහාසයේ ප්‍රථම වරටයි. දිවයින පුරා කාන්තා ගොවි සංවිධන 25,000ක් පිහිටු වීමට කටයුතු කර තිබෙනවා. වස විසෙන් තොර ආහර භෝග වගා කිරීම පිණිස ගෙවතු වගාව සාර්ථකව ක්‍රියාත්මක වී තිබෙනවා. පළතුරු ගම්මාන 15,000ක වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වී තිබෙනවා.
2017 පෞද්ගලික මෝල් හිමියන්ගේ ගබඩා වෙනුවෙන් රුපියල් මිලියන 250ක් ලබාදී තිබෙනවා. වග හානි සඳහා වන්දි මුදල් අක්කරයට රුපියල් 40,000 දක්වා වැඩි කිරීමට අයවැයෙන් කටයුතු කර තිබෙනවා.ගොවියාට රක්ෂණය සඳහා සහනදායි ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. සියයට 70%ක මුදල රජය විසින් දායක වෙනවා. පොහොර සහනාධරය රුපියල් 25,000ක මුදලක් ලබදීමට තීරණය කළා. යාපනය නවීන අර්ථික මධ්‍යස්ථානය නිසා අතරමදියන්ගේ සූරාකෑමට ලක් නොවී භාණ්ඩ අළෙවි කරගනීමට උතුරේ ජනතාවට අවස්ථාව උදා වෙනවා යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.