නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතරමඟ ඇණහිට තිබූ බදුල්ල-චෙන්කලඩි මාර්ගයේ වැඩකටයුතු ඇරඹීමට පියවර

    නොවැම්බර් 21, 2017

    අතරමඟ ඇණහිට තිබූ බදුල්ල-චෙන්කලඩි මාර්ගය පියවර හයකින් වැඩකටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.


    උසස් අධ්‍යාපන හා මහාමාර්ග  අමාත්‍යාංශය වැයශීර්ෂ අද (21) පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනු අතර විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    අතරමඟ ඇණහිට තිබූ බදුල්ල චෙන්කලඩි පාර පියවර හයකින් වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. දැනට පියවර තුනක් ඇරඹී තිබෙනවා. කුමන ප්‍රශ්න ආවත් මධ්‍යම අධිවේගී මාර්ගයට ප්‍රමුඛත්වය දෙමින් කාරණා කටයුතු කරනවා.මර්ග සංවර්ධන අධිකාරිය යටතේ, ඉතාම හොඳින්,ප්‍රවේශමෙන් කටයුතු කරනවා. ඌව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදුන්නොත් තවත් ළමයි 150කට පමණ වෛද්‍ය විද්යාව හැදෑරීමේ අවස්ථාව ලැබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයට තාක්ෂණික විශ්වවිද්‍යාලයක් හැදීමට ස්ථනයක් සොයා බැලුවා. නෙළුව වත්ත භූමිභාගය,ගොඩනැගීලි තිබෙනවා. එම ස්ථානය තක්ෂණික විශ්වවිද්‍යාලයට හොඳ තැනක්යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya