නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 200ක රාජ්‍ය මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට කොමිෂමක් පත් කළ යුතුයි

    නොවැම්බර් 21, 2017

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් විසින් රුපියල් මිලියන 200ක රාජ්‍ය මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට නිලවශයෙන් කොමිෂමක් පත් කළ යුතුයැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    කොමන්වෙල්ත් ගේම් (Commonwealth Game ) නමින් ගිණුමක් නොමැති බවත් මෙම ප්‍රශ්නය විමසීම වැදගත් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    එහෙත් සී.ඩබ්ලිව් ජී හම්බන්තොට 2018 ප්‍රයිවෙට් ලිමිටඩ් නමින් ජංගම ගිණුමක් සහ රුපියල් මිලියන 11ක් යොදවා ස්ථාවර තැම්පතුවක් පවත්වාගෙන ගොස් ඇත. ඉහත ගිණුම්ට විවිධ රාජ්‍ය අරමුදල් හ පරිත්‍යාග කර තිබෙන බවද අමත්‍යවරය සඳහන් කළේ ය.

    ''රජයේ මුදල් මේකට ගිහින් තියෙනවා,මිලියන 190 387යි. මෙහි තවත් වැඩි විස්තර ලබාගැනීමට බැංකුවෙන් අපහසු වුණා. මේ මුදල් භාවිතා කළේ ඒ කාලේ සෙන්කීට්වලට ගිහින් ලොකු සෆාරියක් කරලා, ලොකු පාටියක් දාන්න''

    මෙහිදී ප්‍රශ්නයක් නැගූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විමසා සිටියේ ලංසු තැබීමට කොපමණ මුදලක් වැය කර තිබේ ද? යන්නයි.

    ''මේ පිළිබඳව ගිණුම් වි ස්තර ලබාගන්න ඉල්ලීමක් කළා. ඒ රාජ්‍ය මුදල් භාවිතා කළා ද කියලා විස්තරයක් ගැනීමට නොහැකිවුණා. මේකට කොමිෂමක් පත් කරන්න වෙනවා මෙහි  තොරතුරු ගන්න. මේක රාජ්‍ය මට්ටමේ ක්‍රීයාවලියක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදුවිය යුතු දෙයක්, මෙය කොම්පැනියක් ගිණුම තියෙන්නේ.රුපියල් මිලියන 200ක මුදලක් තැම්පත් කර තියෙන්නේ. වියදම් කළ ආකාරය ගැන තොරතුරු නෑ. රාජ්‍ය මුදල් සම්බන්ධ නිසා නිලවශයෙන් කොමිෂන් සභාවක් පත් කර තොරතුරු සොයන්නට සිදු වෙනවා'' යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya