කමිටුවේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුගේ දුරකතන තොරතුරු හෙළිකිරීමෙන් මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩ වූ බවට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ(20) සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා මේ බව නිවේදනය කළේ ය. ඒ අනුව පක්ෂ නායක රැස්වීමක් කැඳවා මේ පිළිබඳව දීර්ග ලෙස සාකච්ඡා කෙරෙන බවද කතානායකවරයා පැවසී ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා- තොරතුරු ප්‍රසිද්ධ කිරීම වැරැදියි කියන එක වැරැද්දක්.ඇයි මේ තොරතුරු දැනගැනීමට විරුද්ධ වන්නේ. ජනධිපති කොමිෂම කියන්නේ ප්‍රසිද්ධ කොමිෂමක්.
අමාත්‍ය කබීර් හෂීම් මහතා- දැන් දූෂණ වංචවලට එන්න කිව්වාම ඒවාට හැංගෙනවා. එදා තොරතුරු ඉල්ලුවාම සුදු වෑන් වලින් ඉස්සුවා.
පාර්ලිමේන්තු චමින්ද විජේසිරි මහතා- රටට ආදර්ශයක් වෙන්න අගමැතිතුමා කොමිෂමට ගියා. පුළුවන්න් නම් මේ අයට යන්න කියන්න