නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර තුන සම්පූර්ණවනවිට විශාල සංවර්ධනයක් ජනතාවට පෙන්වනවා

    නොවැම්බර් 20, 2017

    එදා කොමිෂ්වලට යාටවෙලා කොන්ක්‍රීට් කඳු හැදූ බවත් රටේ ආදායම නොසැලකූ බවත් මේ වසර තුන සම්පූර්ණවනවිට විශාල සංවර්ධනයක් ජනතාවට පෙන්වන බවත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය  සුජීව සේනසිංහ මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.

    මිල්ලණිය වෙලඳ කලාපය ගැන වැරදි ප්‍රකාශයක් කළා. කන්දක් කීම අමූලික බොරුවක්. ප්‍රදේශයේ සියලු ජනතාව ගෙන්නලා,පැහැදිළි කිරීම් කරලා,පරිසරය සුරක්ෂිත  කරලා, රැකියා දස දහසක් බිහිකරන්න බලාපොරොත්තු වෙනවා. එස්.එන්.පී.රේටීන් වල නෙගෙටිව් තිබ්බේ. දැන් පොසිටිව් වෙලා. ණය බර නැති කරන්න අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන. භාණ්ඩ නිර්මාණය වෙන්නේ නැත්නම් කොහෙන්ද ආදායම් එන්නේ. ඉන්දියාව,චීනය,තායිලන්තය සම්බන්ධ වෙනවා.  කාර්මික වෙළඳ කලාප,හම්බන්තොට, මොනරාගල, ගල්ල,කුරුනෑගල අවුරුදු 4ක් 5ක් යනකොට විශාල සංවර්ධනයකට එළැඹීමට හකිවෙනවා.

    වැටෙන රටක් අපි අල්ලාගත්තේ.බිලියන 2000ක් අපේ ණය පොළී වාරිකය. කිසිම එකකින් ආදායමක් නෑ.කොමිෂ් වලට යටවෙලා කොන්ක්‍රීට් කඳු ගැහුවා මිසක් රටේ ආදායම ගැන හිතුවේ නෑ. යහපලනය වෙනුවෙන් අගමැතිතුමා කොමිෂමට ගියා. විශාල විපර්යාසයක් රටේ ඇති කළා.මේ වන්විට රටේ ජාතික ආර්ථික ප්‍රතිපට්තියක් කළා.එක ආයෝජකයෙකුගෙන් සල්ලි ඉල්ලා තියෙනවා නම්, එක චෝදනාවක් කරන්න. අපි ආවේ අපිට කරගන්න නොවේ.පක්ෂය වෙනුවෙන් බැදුම්කර නොවේ ඕන දෙයකට මුහුණ දෙනවා.මේ වසර තුන සම්පූර්ණවනවිට විශාල සංවර්ධනයක් ජනතාවට පෙන්වනවා.අපේ අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව අනර්ග  සේවයක් කරනවා. මෙය දියුණුවෙන රටක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya