මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලිංගික සෞඛ්‍ය පිළිබඳ දකුණු ආසියානු සමුළුව කොළඹදී ඇරඹෙයි

    නොවැම්බර් 20, 2017

    ලිංගික සෞඛ්‍ය පිළිබඳ දකුණු ආසියානු වෛද්‍ය සංගමයේ තුන්වන ද්වි වාර්ෂික සමුළුව මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    ''ලිංගික වෛද්‍ය විද්‍යාවේ නව මානයන්, මනස, ශරීරය සහ විද්‍යාව'' යන තේමාව යටතේ අද සිට 21 වනදා දක්වා සමුළුව කොළඹදී පැවැත්වෙන අතර දකුණු ආසියානු රටවල ලිංගික සෞඛ්‍ය ප්‍රවීනයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුථ විද්වත් පිරිසක් මීට එක්ව සිිටි.

    ලිංගික සෞඛ්‍ය පිළිබඳ දකුණු ආසියනු වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරුන්ට සහ සාමාජිකයින් තිදෙනෙකු වෙත සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ලිංගික සෞඛ්‍ය පිළිබද දකුණු ආසියනු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ලසන්ත මලවිගේ, ජාත්‍යන්තර වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය Luca Incrocci  වෛද්‍ය ඉයන්ති අබේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya