අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැප්පෙටිපොල ශ්‍රී අභය රාජ මහා විහාරයේ බහුකාර්ය ගොඩනැගිල්ලේ මංගල ශිලා ප්‍රතිස්ඨාපනය

    නොවැම්බර් 18, 2017
    මාවනැල්ල, කැප්පෙටිපොල ශ්‍රී අභය රාජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන  තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ලේ මංගල ශිලා ප්‍රතිස්ඨාපනය කිරීමේ පු‍ණ්‍යෝත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (17) පෙරවරුවේ එක්විය.
     
    ඓතිහාසික වටිනාකම් රැසකින් යුත් පෞරාණික විහාරස්ථානයක් වන මාවනැල්ල, කැප්පෙටිපොළ ශී්‍ර අභය රාජ මහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත විය.
     
    අනතුරුව විහාරාධිපති පූජ්‍ය මණ්ඩාවල ධම්මාරාම නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසීය.
     
    තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ලේ මංගල ශිලා ප්‍රතිස්ඨාපනයට අදාළ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා එම අවස්ථාව සනිටුහන් කරමින් විහාරස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
     
    විහාරස්ථානයේ නව සූර්ය බලශක්ති පද්ධතිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
     
    මෙහි පැවිදි අනුශාසනාව කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රි ධර්ම සංඝ සභාවේ මහා නායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ විසින් සිදුකළ අතර, පිරිස පංච ශීලයේ පිහිටුවීම පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නායක හිමිපාණන් වහන්සේ විසින් සිදු කළහ.
     
    තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳාහා ආධාර පිණිස රුපියල් ලක්ෂ 05 ක මුදල් පරිත්‍යාගයක් පොල්ගහවෙල පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිනි ආර්.පී.එම්. රත්නායක මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
     
    අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, ගාමිණි ජයවික්‍රම පෙරේරා, රංජිත් සියඹලාපිටිය, දයා ගමගේ, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින් පිරිසක් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya