නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ නඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ නෑ - අමාත්‍ය දයාසිරි ජයසේකර

    නොවැම්බර් 17, 2017

    පළාත් පාලන මතිවරණය කල්දැමීමේ නඩුවට තමන් කිසි ලෙසක අත්සනක් දමා නැතැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඊට කිසිදු සම්බන්ධයක් නොමැති බවද ක්‍රීඩා අමාත්‍ය දයසිරි ජයසේකර මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් පැවසී ය.

    ඊයේ මා නොමැති අවස්ථාවේ දී නම සඳහන් කරමින් පළාත් පාළන මැතිවරණය නඩු පැවරීමට මගේ සම්බන්ධයක් ඇති බවට ප්‍රකාශ කර තිබුණා. පහැදිළිව මම කියනවා, කිසිවිටෙක පළාත් පාලන  මතිවරණය කල් දමන්න කියා අත්සන් කර නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසිදු සම්බන්ධයක් නෑ. අතිගරු ජනාධිපතිතුමාත් සම්බන්ධ නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    ඒකාබද්ධ විපක්ෂය එක්ක ඩීල් නෑ - නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා

     

    නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා- කවුද නඩු පවරා තියෙන්නේ කියලා කියන්න කිව්වා. එවිට කාංචන මන්ත්‍රීතුමා කිව්වා මේ මේ අය කියලා. මට ඩීල් නෑ ඒකාබද්ධ විපක්ෂය එක්ක. අපිට ඕන මැතිවරණයක්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya