නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක්

    නොවැම්බර් 17, 2017

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහත සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    මෙහිදී මොවුන් සිය ගැටලූ සහ ඉල්ලීම් දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.

     

    මේ රටේ සෑම ජන කොටසකගේම ගැටලූ පිළිබඳ මනා අවබෝධයක් තමාට තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ඉතා විවෘතව සහ සාධාරණ ලෙස එම ගැටලූවලට විසඳුම් ලබාදීමට තමන් ඇතුළු රජය කැපවී සිටින බව ප‍්‍රකාශ කළේය.

     

    රජයේ සිර කඳවුරුවල ඇතැම් පිරිස් රඳවාගෙන සිටින බවට එල්ල වන චෝදනා පිළිඳබව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ එවන් කිසිඳු රහස් කඳවුරක් වත්මන් රජයට නොමැති බවත්, කිසිඳු පිරිසක් එලෙස රඳවාගෙන නොමැති බවත්ය.

     

    අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පවතින ගැටලූවලට කඩිනම් විසඳුම් ලබාදීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

     

    අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පැමිණිලි, ඉල්ලීම් සහ තොරතුරු එක් රැස් කිරීම සඳහා නව අයදුම්පතක් දිස්ති‍්‍රක් ලේකම්වරුන් හරහා යොමු කිරීමට මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා මෙම දෙසැම්බර් 15 වන දිනට පෙර එම තොරතුරු එක් රැස් කරන ලෙස සියලූ දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත චක‍්‍ර ලේඛයක් නිකුත් කිරීමට ද උපදෙස් දුන්නේය.

     

    එම තොරතුරු අතුරුදන්වූවන්ගේ කාර්යාලය සහ අතුරුදන්වූවන්ගේ කොමිෂන් සභාව මගින් නැවත විමර්ශනය කිරීමට ද උපදෙස් දෙනු ලැබීය.

     

    ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya