නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකය සමඟ තරඟ කිරීමට ශ්‍රී ලංකාව සූදානම් විය යුතුයි- ගෝලීය වෙළඳපොළ අප කෙරේ විශ්වාසය තබා තිබෙනවා

    නොවැම්බර් 16, 2017

    ගෝලීය වෙළඳපොළ අප කෙරේ විශ්වාසය තබා තිබෙනවා. ආර්ථිකය ඉදිරියට යන්න සූදානම්ව තිබෙනවා. අපි ජනතාවට ඇහුම්කම් දුන්න ආණ්ඩුවක්. අපට අවශ්‍ය වුණේ ආර්ථික බරෙන් මිරිකී සිටින ජනතාව එම බරෙන් මුදවා ගන්න. ශ්‍රී ලංකාව දැන් සූදානම් විය යුතුයි, ලෝකය සමඟ තරඟ කරන්න යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

     

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දී පිළිතුරු කතාව කරමින් මේ බව පැවසී ය.

    ඒකාබද්ධ විපක්ෂයේ අය මැරිලා ඉපදිල වගේ කතා කරන්නේ. ලැම්බොගිනි බද්ද නිදහස් කළා.විවාහක බද්ද 4000කින් වැඩි කළා. මරම සහතික බද්ද 2000න් වැඩි කළා. එදා අයවැය  කොහොමද කළේ කියලා කියන්න කැමැතියි. මුළු රටම අගාධයට පත් කළ අයවැය එදා ඉදිරිපත් කළා. ජනතාවට ඇහුම්කම් දුන්නේ නෑ.

    අපි ජනතාවට ඇහුම්කම් දුන්න ආණ්ඩුවක්. ඒ අනුව මෙවරත් ජනතවගේ යෝජනා අනුව, ජනතව තවත් සතුටු කරන්න කටයුතු කර තිබෙනවා. විද්‍යුත් වාහන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බදු අඩු කරන්න කටයුතු කළා. භාවිතා කළ විදුලි වාහන වලටත් බදු සහනය ලබදී තිබෙනවා.

    මේ රජයට බලයට  පත් වුණාට දේශපාලන ප්‍රතිසංස්කරණ පමණක් නොවේ ආර්ථික ප්‍රතිසංස්කරණත් අවශ්‍ය රටක් වුණා.අපේ රටේ දේශපාලන තත්ත්වය පැහැදිළිව දන්නවා. සෑම දෙනාම බියෙන් සිටි කාලයක් තිබුණා. ආර්ථික අර්බුදය කාලයක් තිස්සේ වර්ධනය වුනා. සර්ව ආර්ථික දත්ත මඟින් එය වසන් කළා. එදා රජයේ අභිලාෂය අනුව දත්ත වසන් කළා. යුද්ධයට පසු ආර්ථිකය තිරසාර නොවන ආකාරයට තිබුණේ. මූල්‍ය අංශය දේශීය ප්‍රවාහන කාරණා, ශ්‍රී ලංකාව නිදහස් ආර්ථිකයක් තිබුණා. 

    මෑත කාලයේ දී , පසුගිය දසකය තුළ ප්‍රතිසංස්කරණ සිදු වුණේ නෑ. ඉතාම පටු දේශීය ආර්ථිකය හා බදු සීමාව තුළ රටේ ආර්ථිකයට හානියක් සිදු වුණා. සියයට 30% සිට අපනයනය 12% දක්වා කඩා වටුණා. සෘජු විදේශ ආයෝජන නතර වෙලා තිබුණා. විදේශ ඉපැයීම් අඩු වී තිබුණා. මතතල වැනි ආයෝජනවලින් ලාභයක් ලැබුණේ නෑ.

    ඉතාම සුළු කාලයක් තිබුණේ මෙය කඩා වැටෙන්න. මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණය කැදෙව්වෙත් ඒ නිසයි. අපට අවශ්‍ය වුණේ ආර්ථික බරෙන් මිරිකී සිටින ජනතාව එම බරෙන් මුදවා ගන්න. ආර්ථිකය ස්ථාවර කරන්න පියවර ගෙන තිබුණා.ගෝලීය වෙලඳපොළ අප කෙරෙ විශ්වාසය තබා තිබෙනවා. ආර්ථිකය ඉදිරියට යන්න සූදානම්ව තිබෙනවා. තිරසාර වර්ධනයක් ඇති කරන්න පුළුවන් ආයෝජනයෙන් පමණයි. අපනයන සහ සෘජු විදේශ ආයෝජන මඟින් ණය ගෙවීම් පහසු කරගන්න. ශ්‍රමය හා ප්‍රාග්ධනය සඳහා පහසුකම් සළසනවා. ජනතවගේ ඉඩම් අයිතියට බලපෑමක් වෙන්නේ නෑ. අපිට අවශ්‍ය අපේ ගොවීන් සවිබල ගැන්වීමටයි. අප සංවේදි වෙනවා, ආහාර සුරක්ෂිතාවයට හා ඉඩම් සුරක්ෂිතතාවයට.  ප්‍රාග්ධන වෙලඳපොළ පුළුල් කරන්න බලාපොත්තු වෙනවා. අස්ථාවර වෙළඳපොළවල් විවෘත කිරීම නොවෙයි ඉන් බලාපොරොත්තු වෙන්නේ. අපට අතපසු වූ කාරණා පිළිබඳව අයවැය මඟින් අවධානය යොමු කළා. පසුගිය කාලයේ ධනවත්භාවය ලබුණේ සමාජයේ එක්තරා කොටසකට පමණයි.මේ අයවැයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ මානසිකත්වය වෙනස් කරන්න. ශ්‍රී ලංකිකයන්ට තමන්ගේ අනාගතය තමන් අතට ගන්න අවස්ථාව උදා වෙනවා.පළමු වරට තරුණ පිරිස් ගැන කතා කරනවා.

     

    රජයට අවශ්‍යයි ඔවුන්ට උපකාර කරන්න,ඔවුන් බලගන්වන්න. ඉතාමත් ගුණවත් සාධාරන තරඟකාරීත්වයක් ගොඩනගීමත් අයවැයෙන් තරඟකාරීත්වයත් ගෝලීය මට්ටමට යන්නත්, බලාපොරොත්තු වෙනවා. අපේ ගොවියන් ජාත්‍යන්තර මට්ටමට යන්න අවශ්‍යයි. එයට අප කැමැතියි. උසස් තාක්ෂණයෙත් යුත් උපකරණ සැපයීම ගැන අවධානය යොමු කර තිබෙනවා. අප ව්‍යුහාත්මක ගැටළු පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.
    අපේ අපනයනය පසුගිය වසර 20 තුල කඩා වැටුණා. අපට ක්‍රමවත් අපනයන සංවර්ධනයක් අවශ්‍යයි. අසාධාරණ වෙළඳ ක්‍රම අප දිරිමත් කරන්නේ නෑ. කසළ කළමනාකරණයට හොඳ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. නිදහස් වෙලඳපොළ තුළ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් අවශ්‍යයි. සමහර ව්‍යාපාරිකයන් බිය වී තිබෙනවා, වෙලඳපොළ තරඟකාරීත්ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැන් සූදානම් විය යුතුයි ලෝකය සමඟ තරඟ කරන්න. ශ්‍රී ලංකාවට තරදුරටත් හුදකලා රාජ්‍යයක් වෙන්න බෑ.

    චීනයටත්  2025 වැඩසටහනක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ආදර්ශයට ගන්න රට මොකක්ද? අපේ සපත්තුව අපේ වෙන්න ඕන. අද මතවාදී ගැටුමක් නෑ. අපි විතරක් ළිං ගෙම්බෝ වගේ හැංගෙන්න බෑ. අපි අලුත් පිටුවක් ආරම්භ කරන්න ඕන යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya