අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ තරුණ කටයුතු නියෝජිතවරියට ජනපතිගෙන් සුබ පැතුම්

    ජූනි 28, 2017
     
    එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා විසින් සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත්කරගත් ශ්‍රී ලංකාවේ ජයත්මා වික‍්‍රමනායක මහත්මිය ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
     
    ශ්‍රී ලංකා කීර්තිනාමය ජගත් තලය තුළ පතුරුවමින් ජයත්මා වික‍්‍රමනායක මහත්මිය මාතෘභූමිය වෙනුවෙන් ලබාදුන් ගෞරවය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා ඒ මහත්මිය වෙත සිය උණුසුම් සුභාශීංසන පිරිනැමූ අතර ශ්‍රී ලංකාවේ තරුණ පරපුර වෙනුවෙන් මෙන්ම සමස්ත ලෝකයේ තාරුණ්‍යය වෙනුවෙන් මහත් සේවයක් ඉටු කිරීමට හැකිවේවාය ද සුභාශිංසනය කළේය.
     
    වයස අවුරුදු 21 දී ගෝලීය තරුණ සංවර්ධන වැඩසටහන් නියෝජනය කළ ජයත්මා වික‍්‍රමනායක ලෝක තරුණ නිපුණතා දිනය ප‍්‍රකාශයට පත් කිරීම ඇතුළු එක්සත් ජාතින්ගේ ඉහළ පෙළේ වැඩසටහන් සඳහා දායක වී තිබේ.
     
    ඇය තරුණ සංවර්ධනය උදෙසා ජාතික මට්ටමින් ඉටු කළ ප‍්‍රමුඛ කාර්ය උදෙසා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් මෙම පත්වීම සිදු කර තිබේ. 
     
    අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සහ කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන 27 හැවිරිදි ජයත්මා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිනියක් වන අතර දැනට එම විශ්වවිද්‍යාලයේම සංවර්ධන අධ්‍යයන කටයුතු පිළිබඳ පශ්චාත් උපාධිය හදාරමින් සිටී. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya