විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 17ක් අනුමැතිය සඳහා අද (21) පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළේ ය. අද ලෝකයේ සෑම රටක් ම අප සමඟ සුහදව ගනුදෙනු කරනවා. දේශීය ආර්ථිකය ආරක්ෂා කරනවා කියලා බදු පමණක් පටවා වැඩක් නෑ.ඊට ඔබ්බට ගිය වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා යැයි නියමයන් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා පැවසී ය.