වැඩබලන අගවිනිසුරුවරිය ලෙස ඊවා වනසුන්දර මහත්මිය ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය. ඡායාරූප : සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය