මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙක්ට්‍රික් ටොන් 1,77,000ක වී අස්වැන්නක් මිලදී ගන්නවා- අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    ඔක්තෝබර් 07, 2015

    මෙවර යල කන්නය වී මෙක්ට්‍රික් ටොන් 1,77,000ක් අස්වැන්නක් මිලදී  ගන්නා බවත් ඒ සඳහා මිලියන 8,700ක් රජය වියදම් කරන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ගෙන ආ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ දී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    ඉතිහාසයේ වැඩිම වී මෙක්ට්‍රික් ටොන් ප්‍රමාණයක් මිලදී ගන්නේ මෙවර යල කන්නයයි. පසුගිය රජය කාලයේ දී යල කන්නයේ වී ඇටයක් මිලදී ගත්තේ නෑ. මේවා කියනකොට හරෙකුට අමාරුයි. වසර හතරක් යනකම් ගොවි විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතු කළේ නෑ.

    ඉතිහාසයේ කිසිම දවසක සියයට 15%ක් වී මිලට ගෙන නෑ.ගබඩා ප්‍රශ්න අපි විසදිය යුතුයි. වී නිෂ්පාදන අතිරික්තයක් තිබෙනවා.මේ නිෂ්පාදන අතිරික්තයට කරන්නේ කුමක්ද? ඒ පිළිබඳව පූර්ණ අවධානයක් යොමු කළ යුතුයි.පසුගිය රජය වසර හතරක් ගොවි විශ්‍රාම වැටුප දුන්නේ නෑ.එයයි ඇත්ත.ගොවියගේ සුබසාධනය ගැන කතා කරන්න ඉස්සරලා, කියන්න, ඇයි පිට පිට අවුරුදු හතරක් ගොවි විශ්‍රාම වැටුප කැපුවේ?.අදටත්  අඳගොවියා අනාථයි.ගොවියාගේ රැකවරය වෙනුවෙන් ගෙන ආ යෝජනාව පිළිබඳව කතා කරන විට මේ මාස අටක කාලය තුළ දසක ගණනාවක් කළ වැරදි නිවැරදි කරමින් තමයි,අපිට අලුත් ගමනක් යන්නට සිදු වී තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya