නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා අයිතිවාසිකම් ප්‍ර‍වර්ධනය සහ ආරක්ෂා කිරීමට, වගබලාගැනීමට ශ්‍රී ලංකා රජය වගකීම් දරනවා – ජනපති

    සැප්තැම්බර් 28, 2015

    කාන්තා අයිතිවාසිකම් ප්‍ර‍වර්ධනය සහ ආරක්ෂා කිරීමට වගබලාගැනීම පිණිස  ශ්‍රී ලංකා රජයත් මාත් වගකීම දරන බවත්, ස්ත්‍රි පුරුෂ සමාජභාවය සහ කාන්තා සවිගැන්වීම ළඟා කරගැනීමට තවදුරටත් දැඩි උනන්දුවෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කිරීමට කැප වන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේ ය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ස්ත්‍රි පුරුෂ සමාජභාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඊයේ (27) පැවැති රැස්වීම අමතමිනි.

     

    අපගේ ජාතීන්ගේ සහ ලොවෙහිම තිරසර ප්‍ර‍ගතිය සඳහා කාන්තා සවිගැන්වීම සහ ඔවුන්ගේ දායකත්වය ඉතා වැදගත් බව පිළිගත් සත්‍යයක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

     

    ස්ත්‍රි පුරුෂ සමාජභාවය සහ කාන්තා සවිබල ගැන්වීම, ඉතා කාලෝචිත රැස්වීමක් වන බවත් “ක්‍රියාකාරීත්වය සඳහා වූ බීජිං වේදිකාව” වැඩපිළිවෙළෙහි 20 වැනි සංවත්සරය ලොව සනිටුහන් කරන අතර තිරසර සංවර්ධන ඉලක්ක සහ නව සංවර්ධන න්‍යාය පත්‍ර‍යක් සම්මත කරගැනීමද මේ වර්ෂයේ සිදු වන බවත් ජනාධිපතිවරයා කීය.

     

    සැබෑ වශයෙන්ම,“ක්‍රියාකාරීත්වය සඳහා වූ බීජිං වේදිකාව” වැඩපිළිවෙළට වසර දෙකකට පෙර කාන්තා ප්‍ර‍ඥප්තියක් ශ්‍රී ලංකාව විසින් සම්මත කරගෙන තිබිණි. කාන්තාවන් පිළිබඳ ජාතික වැඩසටහනක් අප සතුව ඇති අතර එය දැනට යාවත්කාලීන කෙරෙමින් පවතින බවත්, මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය- ;

     

        සම්භාවනීය සම සභාපතිවරුනි,

        රාජ්‍ය තාන්ත්‍රිකයෙනි,

        නෝනාවරුනි මහත්වරුනි,

     

        ස්ත්‍රි පුරුෂ සමාජභාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ මේ ඉතා වැදගත් රැස්වීමට සහභාගී වීමට ලැබීම ගෞරවයක් ලෙස මම සලකමි.

        මම මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැනු ළමයින්ගේ සුභාශිංසන පිරිනමමි. එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය සහ චීන මහජන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපතිතුමන්ට මෙම අවස්ථාව සම සංවිධානය කිරීම සහ එහි සම සත්කාරකත්වය දැරීම පිළිබඳව ස්තූතිවන්ත වෙමි.

        චීන නායකයෙකු වූ මා ඕ සේතුං ගේ “කාන්තාවෝ අහසින් අඩක් දරා සිටිති” යන කියමන මට මේ අවස්ථාවේදී සිහිපත්වේ.

        නෝනාවරුනි, මහත්වරුනි,

        සැබවින්ම, ඔවුන් දරා සිටින්නේ අහසින් අඩක් නොව ඊටත් වැඩි ප්‍ර‍මාණයකි.අපගේ ජාතීන්ගේ සහ ලොවෙහිම තිරසර ප්‍ර‍ගතියසඳහාකාන්තා සවිගැන්වීම සහ ඔවුන්ගේ  දායකත්වය ඉතා වැදගත් බව පිළිගත් සත්‍යයක් වෙයි.

        මෙය ඉතා කාලෝචිත රැස්වීමකි. “ක්‍රියාකාරීත්වය සඳහා වූ බීජිං වේදිකාව” වැඩපිළිවෙළෙහි 20 වැනි සංවත්සරය ලොව සනිටුහන් කරන අතර තිරසර සංවර්ධන ඉලක්ක සහ නව සංවර්ධන න්‍යාය පත්‍ර‍යක් සම්මත කරගැනීමද මේ වර්ෂයේ සිදුවේ.

        ස්ත්‍රී පුරුෂ සමාජභාවයසහ කාන්තා සවි ගැන්වීමට නැවත කැපවීමට මීට වඩා සුදුසු අන් වේලාවක් නොමැත.

        නෝනාවරුනි, මහත්වරුනි

        ශ්‍රී ලංකාව මේ වැදගත් අංශයෙහි කලින්ම නියැළිණි. 1931 දී මගේ රටෙහි වැඩිහිටි සර්වජන ඡන්ද බලය හදුන්වා දුනි. නිදහස ලැබීමත් සමගම  ගැහැණු සහ පිරිමි ළමයින්ට නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍ය සේවයත් ලබා දුනි. මෙම වැදගත් ප්‍ර‍තිපත්තින්ගේ වාසිය මගේ රට අද භුක්ති විදියි.

        “ක්‍රියාකාරීත්වය සඳහා වූ බීජිං වේදිකාව” සම්මත වීමෙන් පසුව තවදුරටත් ස්ත්‍රි පුරුෂ සමාජභාව සමානත්වයළඟා කර ගැනීමට පියවර ගැනිණි. එම පියවර සාක්ෂාත් කරගනු ලැබූයේ ප්‍ර‍ධාන වශයෙන්ම දේශීය නීතිවලට සංශෝධන හඳුන්වාදීම සහ රජයේ වැඩසටහන්වලට ස්ත්‍රී පුරුෂ සමාජභාවයසම්බන්ධ ප්‍ර‍මුඛතා එක්කිරීමෙනි.

        සැබෑ වශයෙන්ම,“ක්‍රියාකාරීත්වය සඳහා වූ බීජිං වේදිකාව” වැඩපිළිවෙළට වසර දෙකකට පෙර කාන්තා ප්‍ර‍ඥප්තියක් ශ්‍රී ලංකාව විසින් සම්මත කරගෙන තිබිණි. කාන්තාවන් පිළිබඳ ජාතික වැඩසටහනක් අප සතුව ඇති අතර එය දැනට යාවත්කාලීන කෙරෙමින් පවතියි.

        නෝනාවරුනි, මහත්වරුනි,

        මගේ රටෙහි ගෙන ඇති මෙකී පියවර තිබියදීත්,ස්ත්‍රි පුරුෂ සමාජභාවයහා ස්ත්‍රීන් සවිබලගැන්වීම සාක්ෂාත් කරගැනීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව ඇත.

        මගේ රටෙහි ජන සංඛ්‍යාවෙන් භාගයකට වඩා (52%) කාන්තාවන්ය. ජාතික ආර්ථිකය සහ සමාජයේ යහසිද්ධිය සඳහාඔවුහු වැදගත් දායකත්වයක් සපයති.

        කෙසේවුවද, මගේ රටෙහි වසර ගණනක් පැවති ගැටුම් නිසා කාන්තා ප්‍ර‍ම්‍ර‍ඛ ගෘහස්ථයන්ගේ සංඛ්‍යාව අධික වී ඇත. උවදුරුවලට පහසුවෙන් ලක්විය හැකි මෙම කණ්ඩායමට විශේෂ සහන ක්‍ර‍මවේදයන් සැලසීම මගේ රජයේ ප්‍ර‍මුඛතාවයයි.

        කාන්තාවන් සහ ළමයින් සඳහා විශේෂ වූ අමාත්‍යාංශයක් අප රටේපිහිටුවා ඇත.

        නෝනාවරුනි, මහත්වරුනි,

        කාන්තා අයිතිවාසිකම් ප්‍ර‍වර්ධනය සහ ආරක්ෂා කිරීමට වගබලාගැනීම පිණිස මගේ රජයත් මාත් වගකීම දරන්නෙමු. ස්ත්‍රි පුරුෂ සමාජභාවය සහ කාන්තා සවිගැන්වීම ළඟා කරගැනීමට තවදුරටත් දැඩි උනන්දුවෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කිරීමට අපි කැප වෙමු.

     

        ස්තූතියි.

     

    PMU/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya