එම ජනතාව මේ වන විට පානීය ජල ගැටලුව මෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු මූලික අවශ්‍යතා සපුරාගැනීමේ ගැටලු රැසකට මුහුණදී සිටින අතර ඒ පිළිබඳ ව කඩිනමින් සොයා බලා මහවැලි කලාපවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මහවැලි අධිකාරියේදී පැවැති මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට ඊයේ (17) එක් වෙමිනි.
20 – 20 මහවැලි දැක්ම සහ මහවැලි අධිකාරියේ ඉදිරි වසර 03ක වැඩපිළිවෙළ පිළිබඳ ව මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මහවැලි ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය, වැලිඔය ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය මෙන් ම රිදිමාලියද්ද ව්‍යාපෘතියේ ප්‍රගතිය ද ජනාධිපතිතුමා විමසා බැලීය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පසුගිය මාසයේ දී වැලිඔය මහවැලි ජනපදිකයන්ගේ ගැටලු සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදි ගනු ලැබූ තීරණයන් කි‍්‍රයාත්මක කිරීමේ ප්‍රගතිය ද විමසීය. වසර 30ක ශාපලත් යුද්ධයේ කටුක අත්දැකීම් රැසකට මුහුණ දුන් මැදිරිගිරිය ජනතාවට සංවර්ධනයේ අරුනළු ගෙන යන්නට කි‍්‍රයාත්මක කළ මැදිරිගිරිය නව සංවර්ධන ප්‍රදේශවල ප්‍රගතිය ද ජනාධිපතිතුමා විමසීය.
දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ මහවැලි කලාපවල ජනතාවගේ නිෂ්පාදන ඉලක්ක පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මහවැලි කලාපවල පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ව ද කරුණු සාකච්ඡා වූ අතර එම සියලු පරිසර සංරක්ෂණ වැඩසටහන් මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේය. මහවැලි කලාපවල ජලාශ නඩත්තුව සහ කළමනාකරණය පිළිබඳ ව ද විශේෂ අවධානය යොමු කෙරුණු අතර දීර්ඝ කාලයක සිට ගැටලුවක් බවට පත්ව ඇති ජලාශ ආශ්රිත ව යෝධ නිදිකුම්බා ව්‍යාප්තවීම වැළැක්වීමට ගත යුතු පියවර පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
වී මිලදී ගැනීම පිළිබඳ ව පසුගිය දිනවල සිදු වූ තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා වී ගබඩා කිරීමේ ගැටලු ව පිළිබඳ ව ද කරුණු විමසූ අතර ඊට විසඳුම් සෙවීමට කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ පාර්ශවයන් වෙත උපදෙස් දුන්නේය.
හොඳම ගොවියා තේරිමේ වැඩසටහනක් ලබන වසරේ සිට කි‍්‍රයාත්මක කිරීමට රජය පියවරගෙන ඇති අතර එම කටයුතු
මහවැලි අධිකාරිය හරහා සිදු කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
මහවැලි කලාපවල පශු සම්පත් ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති පියවරයන් පිළිබඳ ව ද මෙහිදී කරුණු විමසීය.
අලි – මිනිස් ගැටලුව ට අදාළ ව අලි වැට ඉදිකිරීමේ කටයුතුවල ප්‍රගතිය ද ජනාධිපතිතුමා විමසූ අතර මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා රජය කි‍්‍රයාත්මක කර ඇති ජාතික වැඩසටහන යටතේ මහවැලි කලාපවල මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විශේෂ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමටද උපදෙස් දුන්නේය.
මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
DB/PMD