අපේ සුබාශිංසන පිළිගැන්වීමට කැමතියි. පාර්ලිමේන්තුව රටේ කේන්ද්‍රීය මහජන ආයතනයයි. එය සුවිශේෂී ස්ථානයක් බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
අටවැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ඔබතුමා නියෝජනය කිරීම ඉතා වැදගත් අවස්ථාවක්. සම්මුතිවාදය ඇතිකළ යුත්තේ මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් මිස රටට අහිතකර දේ ඉටුකරගැනීමට නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.