අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී සහ චිත්‍ර කතා ශිල්පී දයා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. ඒ මහතාගේ දේහය ඊයේ (29) දහවල් කොළඹ කලා භවනේ තැන්පත් කර තිබිය දී ඒ වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතද සහෝදර කලාකරුවන් වෙතද සිය සාතිශය සංවේගය පළ කර සිටියේය. ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය DB