මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රාජ්‍යතාන්ත්‍රිකයෝ පස්දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    ජූලි 07, 2015

    ශ්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරු සිව් දෙනෙකු අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

     

    ජපානය සදහා තානාපතිවරයෙක් ද, කෙන්යාව, ඝානාව, සිංගප්පූරුව සහ සීෂෙල් රාජ්‍ය සදහා මහකොමසාරිස්වරුන් ද පත්ව සිටිති.

     

    ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

     

    01. ෆ්ලෝරන්ස් ඉමිසා වීඩේ මහත්මිය – කෙන්යානු මහ කොමසාරිස්

    (H.E. Mrs. Florence lmisa Weche – High Commissioner  of  Kenya)

    02. සැමුවෙල් පැන්යින් යැලි මහතා – ඝානා මහ කොමසාරිස්

    (H.E. Mr.Samuel Panyin Yalley – High Commissioner  of Ghana)

    03. කෙනිචි සුගනුමා මහතා  ජපාන තානාපති –

    (H.E. Mr.Kenichi Suganuma – Ambassador of Japan)

    04. එස්.චන්ද්‍රදාස් මහතා සිංගප්පූරු මහ කොමසාරිස්

    (H.E. Mr.S.Chandra Das – High Commissioner  of  Singapore)

    05. ෆිලිප් ලේ ගේල් මහතා සීෂෙල් මහ කොමසාරිස්

    (H.E . Mr. Philippe Le Gall – High Commissioner  of  Seychelles)

     

    අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව නව රාජ්‍යතාන්ත්‍රිකයින් සමඟ පැවැති සුහද හමුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ තම රටවල් හා ශ්‍රී ලංකාව අතර පවතින වෙළෙඳ හා ආයෝජන සබදතා තවදුරටත් පුළුල් කර ගැනීමට අලූතින් පත්ව ආ සියලූ රාජ්‍ය තාන්ත්‍රිකයින් කැපවී කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

     

    එමෙන්ම ශ්‍රී ලංකාව සමග පවතින සංචාරක සබඳතා වැඩිදියුණු කර ගැනීමට අවධානය යොමු කළ යුතු බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

     

    ‘මම ශ්‍රී ලංකාව දකින්නේ සුන්දර උද්‍යානයක් ලෙසටයි. හරිත වර්ණයෙන් බබළන අප රට සංචාරක පරාදීසයක්‘ යයි ජනාධිපතිතුමා විදේශ රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවේ ප්‍රකාශ කරමින් එම රටවල් සමග සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගය වැඩි දියුණු කර ගැනීමේ අවශ්‍යතාවය වැඩිදුරටත් පැහැදිළි කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya