අද පස්වරුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.
විද්‍යාලයේ පෝතක බාලදක්ෂයින් විසින් විශේෂ උත්තමාචාරයක්ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිරිනැමීය.
යුද්ධයෙන් මිය ගිය විද්‍යාලයේ ආදි ශිෂ්‍යය රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකය සදහා පුෂ්පෝපහාර දැක්වීමටද ජනාධිපතිතුමා එක් විය.
අනතුරුව ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වූ අතර විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් වෙත සංකේතාත්මකව ත්‍යාග ප්‍රදානය කිරීමටද එක් විය.
ජනාධිපතිතුමා වෙත රිච්මන්ඩ් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ උපහාරය පුද කරමින් සමරු තිළිණයක්ද පිළිගැන්විනි.
අමාත්‍ය පියසේන ගමගේ, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, නියෝජ්‍ය කථානායක චන්දිම විරක්කොඩි, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ යන මහත්වරුන් ද විද්‍යාලයේ විදුහල්පති ඊ.එම්.එන්. ඒකනායක මහතා ඇතුථ ආචාර්ය මන්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්ව සිටියහ.
kpm