නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පතල්වල සේවය කරමින් සිටියදී මියගිය සහ ආබාධිත වූවන්ට වන්දි ප්‍රදානය කිරීම ජනපති අතින්

    ජූනි 17, 2015

    ජාතික මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ පතල්වල සේවය කරමින් සිටියදී මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූවන් වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීම ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

     

    ලුණුගල ප්‍රදේශයේ පතලක් කඩා වැටීමෙන් සහ ගිලීමලේ ප්‍රදේශයේ පතලක සිදුවූ විෂ වායු කාන්දුව හේතුවෙන් මියගිය සහ අබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයින් පස් දෙනෙකු වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදලක් ප්‍රදානය කෙරුණු අතර ආබාධිත වූවන් වෙනුවෙන්ද මුදල් ප්‍රදානයන් සිදු කෙරිණි.
     


    අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ සභාපති අරුණ ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya