බැංකු ශාඛාව විවෘත කළ ජනාධිපතිතුමා එහි ප්‍රථම ගනුදෙණුව ද සිදු කළේය. මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක්‍රමය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිරි ගොවින් සඳහා ණය ලබාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු විය.
වකුගඩු අරමුදල සඳහා ව්‍යාපාරික අලි ගුලාම් හුසේන් මහතා සහ එම මැතිණිය විසින් ලබාදෙන ලද රුපියල් මිලියන 10 ක පරිත්‍යාගයද මෙහිදී ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබිණි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
SDF