නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු බලය ලබාගත් පසු අප පාර්ලිමේන්තුවට වග කිව්වා - අගමැති

    මැයි 27, 2015

    පාර්ලිමේන්තු බලය ලබාගත් පසු අප පාර්ලිමේන්තුවට වග කිව්වා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දින 100 වැඩසටහන පිළිබදව සෑම මාසයකදීම පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අප කටයුතු කළ බවත් නේපාලයේ ඇති වූ ව්‍යවසනයේ දී අප දියත් කළ මානුෂීය මෙහෙයුම පිළිබඳව ද මම පාර්ලිමේන්තුවට වාර්තා කළා සේම අමාත්‍යවරුන් ද තම විෂය කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කරනවා යැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

     

    ඊයේ (26) කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති ගත් කතුවරුන් හත් දෙනෙකු සිය නවතම කෘති අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීමේ උත්සවයෙන් පසුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

     

    රාජපක්‍ෂ රෙජීමය එදා වසර දහයකට අධික කාලයක් මේ රට පාලනය කළේ රටේ පාර්ලිමේන්තුවක් නැති බව සිතා ගෙන බවත් ඔවුන් පාර්ලිමේන්තුව ගණන් නොගෙන පාර්ලිමේන්තුවට වගකීමෙන් වැළකී සිටි බව හා පෝට් සිටි ව්‍යාපෘතිය, මහ බැංකුව, කොන්ත්‍රාත්, මාර්ග ඉදිකිරීම හා දූෂණය පිළිබඳව ප්‍රශ්න කළ විට කිසිඳු පිළිතුරක් ලබා නොදුන් අතර පාර්ලිමේන්තුවට වගකීවේ නැතැයි අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

     

    තවදුරටත් වික්‍රමසිංහ මහතා මෙහිදී මෙසේ පැවසීය.

     

    “තම විදේශ සංචාරවල දී ප්‍රධාන කටයුත්තකට සහභාගි වුවහොත් ඒ පිළිබඳව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට වාර්තා කරනවා.

     

    මහ බැංකු බැඳුම්කර පිළිබඳව ප්‍රශ්න කෙරුණු අවස්ථාවේ දී ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පළමු වරට කියා සිටියේ මමයි. මම එම කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම වාර්තාව මගින් කරුණු තුනක් හෙළි වුණා. බැදුම්කර නිකුත් කිරීම තීරණය කර තිබෙන්නේ ටෙන්ඩර් කමිටුවක් මගිනුයි. ඒ පිළිබඳව ශ්‍රේධ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබූ අතර ඒ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතිෙක්‍ෂ්ප කර තිබෙනවා.

     

    එම වාර්තාව මගින් ලංකා බැංකුවත්, ප්‍රොපචුවල් ට්‍රෙෂරීස් යටතේ සිදු වූ ගනුදෙනුව පිළිබඳව හෙළි වූ අතර ඒ පිළිබඳව විභාග කිරීම සඳහා විනිමය සුරැකුම් සභාවට දැනුම් දී තිබෙනවා. වැඩිදුර විභාග කළ යුතු බවට එම වාර්තාව මගින් කියා සිටිනවා නම් වාර්තාවේ තොරතුරු පොලිසියට ලබා දෙන බව අප කියා සිටියා.

     

    2012 – 2014 කාලය තුළ සාමාන්‍ය ක්‍රමවේදයෙන් පරිභාහිරව මුදල් ලබා ගැනීම පිළිබඳව හෙළි වී තිබෙනවා. විශේෂයෙන්ම පුද්ගලික කැඳවීම් අනුව බැඳුම්කර ලබාදීම මෙහිදී සිදුව තිබෙනවා.

     

    මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අප පාර්ලිමේන්තුවට වගකියන නිසයි. මම මගේ මිත්‍ර ජී.එල්. පීරිස් මැතිතුමා වගේ නොවෙයි. ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගකිය යුතු බවත්, මූල්‍ය කටයුතු පාර්ලිමේන්තුව මගින් පාලනය කළ යුතු බවත් මා සැමදා පිළිගත් පිළිගත් ප්‍රතිපත්තියක් මෙන්ම එය මගේ දේශපාලන මූලධර්මයක් බවත් කිව යුතුයි. මම කිසි විටෙක මගේ දේශපාලන මූලධර්ම අනිවාර්ය නිවාඩු යවා නොමැති බව කියා සිටිනවා.“

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya