නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්ලයිෆොසේට් තහනමට දිසාපතිවරුන්ගෙන් ජනපතිට ප‍්‍රසාදය

    මැයි 26, 2015
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ දී පරිපාලන දිස්ත‍්‍රික්ක සියල්ලේම දිස්ත‍්‍රික් ලේකම්වරුන් හමු විය. ජනාධිපතිතුමා ධුරයේ දිවුරුම් දීමෙන් පසු එකම අවස්ථාවක දී සියලු ම දිස්ත‍්‍රික් ලේකම්වරුන් හමු වී සාකච්ඡා කළ පළමු අවස්ථාව මෙයයි.
     
    මෙහිදී දැනට දිස්ත‍්‍රික් මට්ටමින් සිදුවෙමින් පවතින සංවර්ධන වැඩසටහන් සහ දිස්ත‍්‍රික් මට්ටමින් පවතින පරිපාලන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.
     
    ප‍්‍රාදේශීය මට්ටමින් ජනතාවට පහසුකම් සැපයීමේ දී දිස්ත‍්‍රික් ලේකම්වරුන් මුහුණපාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.
     
    එසේම, විසඳුම් ලබා ගැනීම සඳහා තවදුරටත් ඉදිරි ක‍්‍රියාමාර්ග ගත යුතු කරුණු සම්බන්ධයෙන් වහාම මැදිහත්වී කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. 
     
    රාජ්‍ය සේවයේ කීර්තිමත් සේවයක් ඉටුකරමින් සිටින දිස්ත‍්‍රික් ලේකම්වරුන් රටේ පොදු මහජනතාවගේ නොමද පැසසුමට ලක් වන බවද ජනාධිපතිතුමා පැවසීය. 
     
    මෙහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා කියා සිටියේ, සිය දේශපාලන දිවියේ පළමු වරට සියලු දිස්ත‍්‍රික් ලේකම්වරුන් එකවර රාජ්‍ය නායකයා හමුවට කැඳවා සාකච්ඡා කිරීමේ අත්දැකීම ලබා ගන්නා පළමු අවස්ථාව අද බවයි.
     
    මෙහිදී අදහස් දැක්වූ දිස්ත‍්‍රික් ලේකම්වරුන් ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි ග්ලයිෆොසේට් ආනයනය සහ අලෙවිය තහනම් කිරීමට ගත් ක‍්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සිය ප‍්‍රසාදය පළ කර සිටියහ.
     
    ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද සියලූම දිස්ත‍්‍රික්න නියෝජනය කරන දිස්ත‍්‍රික් ලේකම්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් මීට සහභාගීවි සිටියහ.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya