පළමුව අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරාධිපති, කළුතර දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක බටුවන්හේනේ බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත් ජනාධිපතිතුමා සුහද පිළිසදරක නිරත විය.
ඉන් අනතුරුව ඓතිහාසික කන්දෙ විහාරයේ ආගමික අවස්ථාවන් සඳහා සහභාගී වූ ජනාධිපතිතුමන් එහි පැමිණි සිටි ජනතාව සමඟ සුහද පිළිසදරක ද යෙදුණේ ය.
මේ අතර කන්දෙ විහාර පූජා භූමියේ ඉදි වූ අභිනව වෙළද සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු විය.
ජනතා අවශ්‍යතාවන් පහසු කිරීම වෙනුවෙන් ඉදි වූ මෙම වෙළද සංකීර්ණයට පූජා භාණ්ඩ අළෙවිසැල් දහ අටක් සහ ආපන ශාලා දෙකක් ඇතුළත් වේ.
මෙම අවස්ථාවට අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරාධිපති බටුවන්හේනේ බුද්ධරක්ඛිත හිමියෝ ද සෞඛ්‍ය හා දේශීය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. එස්. උස්මන් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටියහ.
( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )
SDF