නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා නව රජය ලෙස ගතහැකි සෑම පියවරක්ම ගන්නවා

    මැයි 07, 2015
    රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා නව රජය ලෙස ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය.
     
    රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත් පියවර රැසක් පසුගිය මාස තුන තුළ රජය ගෙන ඇති බවද පැවසූ ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව පිළිබඳ තමන්ගේ වගකීම සහ වගවීම පිළිබඳ සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    නව තාක්ෂණය සහ නව පර්යේෂණ තුළින් කෙරෙන සොයා ගැනීම් සමඟ අපගේ රණ විරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීමට පසුගිය දිනවල තමා සිදුකළ විදේශ සංචාරවලදී මෙන්ම මෙරටට පැමිණි රාජ්‍ය නායකයන්ද කැමැත්ත පළ කර තිබෙන බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
     
    දශක තුනක් රටේ ජනතාව පීඩාවට පත් කළ රුඳුරු ත‍්‍රස්තවාදය නිමාකිරීමේ ඓතිහාසික කාර්යභාරය නිමා කළ අපගේ වීරෝධාර රණ විරුවන් අද මානව සමාජය වෙනුවෙන් ඉටුකරන පුළුල් මෙහෙවර ද මෙහිදී ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළේය.
     
    එමෙන්ම නේපාලයේ විපතට පත් ජනතාව වෙනුවෙන් ඉතා කැපවීමෙන් යුතුව සහන සේවා කටයුතුවල නිරතව ලෝකයටම මානුෂිකත්වයේ ආදර්ශය ලබාදෙන අපගේ ආරක්ෂක හමුදාවෙන්ගේ කාර්යභාරයද මෙහිදී ජනාධිපතිතුමා අගය කළේය.
     
    හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ සූරියවැව ප‍්‍රදේශයේ අක්කර 160ක භූමි භාගයක ඉදිකෙරුණු ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය ආරම්භයේදී උපාධි පාඨාමාලා 05 ක් පවත්වාගෙන යනු ලබයි.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya