නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලනයට ජනපති එක්වෙයි

    අප්‍රේල් 26, 2015
    හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පෙරවරුවේ අගුණකොළපැලැස්ස නගර ශාලාවේදී පැවැත්විණි. 
     
    කතානායක චමල් රාජපක්ෂ, විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර  ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ඒ.එච්.එම්. ෆවුසි, නිරුපමා රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, වී.කේ. ඉන්දික, කමලා රණතුංග යන මහත්ම මහත්මීන් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැති ඇමතිවරු රැසක් මීට එක්ව සිටියහ. 
     
     
    කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් දිස්ත්‍රික් සංවිධායක රැස්වීම ආරම්භ කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට ආරාධනා කළ අතර ජනාධිපතිතුමන් විසින් පොල්තෙල් පහන දල්වා උත්සව කටයුතු ආරම්භ කෙරිණි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, කතානායක චමල් රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර සුහද කතා බහක නිරත වූහ.
     
    අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා, කතානායක චමල් රාජපක්ෂ මහතා උත්සව සභාව ඇමතූහ.
     
    උත්සව සභාවෙන් අනතුරුව ජනාධිපතිතුමා උත්සව සභාවේ සිටි පිරිස සමග සුහද කතා බහක නිරත විය.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya