මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අයවැයෙන් පිරිවෙන් අධ්‍යාපනයට මිලියන 750ක්

    නොවැම්බර් 17, 2014
    මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 අයවැය මඟින් පිරිවෙන් අධ්‍යාපනයට රුපියල් මිලියන 750ක මුදලක් වෙන් කොට ඇතැයි බස්නාහිර පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දොඩන්ගොඩ පියසිරි හිමියෝ පැවසූහ.
     
    උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ අද (17) උදෑසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    2014 වසරේ දී පිරිවෙන්හි භෞතික සම්පත් සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 300ක්, සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50ක්, පුහුණු කටයුතු සඳහා රුපියල් මිලියන 50ක් මෙන් ම ප්‍රථම වරට සිල්මාතාවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 20ක් වෙන් කළ බවද උන්වහන්සේ පැවසූහ.
     
    පසුගිය වකවානුවේ දී පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි රජයේ අවධානය යොමු වූයේ ඉතා අවම වශයෙනි. 2005 වසරේ දී සුළු වෙනසක් සිදු වූවා. 2005 වසරේ දී පිරිවෙන් අධ්‍යාපනයට මුදල් වෙන් වූයේ පැවිදි සිසුවෙක් වෙනුවෙන් වසරකට රුපියල් 1250ක් හා ගිහි සිසුවෙකු වෙනුවෙන් රුපියල් 250ක් තරම් සුළු මුදල් ප්‍රමාණයක්. 2010 වසරේ දී එම මුදල් ප්‍රමාණය පැවිදි සිසුවෙක් වෙනුවෙන් රුපියල් 2500ක් හා ගිහි සිසුවෙක් වෙනුවෙන් රුපියල් 500ක් වශයෙන් වර්ධනය වූවා. 2010 වසරේ දී පැවිදි සිසුවෙක් වෙනුවෙන් වෙන කළ 6.84ක මුදල 2014 වසරේ දී 15%ක් දක්වා ත් ගිහි සිසුවෙක් වෙනුවෙන් 2010 දී වෙන් කළ 1.37%ක ප්‍රමාණය 5%දක්වාත් වර්ධනය කොට ඇත. 
     
    මීට පෙර අවස්ථාවන්වලදී පිරිවෙන් අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වෙනු කරනු ලැබුවේ අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් වන මුදල් ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක් බවත් පෙන්වා දුන් උන්වහන්සේ වත්මන් මුදල් අමාත්‍යවරයා පළමුවරට පිරිවෙන් සඳහා වෙන ම මුදල් වෙන් කිරීමට කටයුතු කළ බවත් පෙන්වා දුන්නාහ.
     
    2015 වසරේ දී පැවිදි සිසුවෙක් වෙනුවෙන් වසරකට රුපියල් 6843.75ක් ද ගිහි සිසුවෙකු වෙනුවෙන් රුපියල් 2281.25ක් ද වෙන් කොට ඇත.
     
    මෙතෙක් රජයක අවධානය යොමු නො වූ පිරිවෙන් ක්ෂේත්‍රයට අවධානය යොමු කෙරුණේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ දී බව පෙන්වා දුන් උන්වහන්සේ ඒ හරහා පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් වී ඇති බවත් පෙන්වා දුන්නාහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya