මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරායේ වර්ජනය අවසන්

    නොවැම්බර් 14, 2014

    කොළඹ වරායේ බහළුම් ප‍්‍රවාහනයේ යෙදෙන පුද්ගලික අංශයේ රියදුරන් හා රිය සහායකයින් විසින් පුරා දිනයක් ගෙන යන ලද වර්ජනය ඊයේ (13) මහාමාර්ග, වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් පවත්වන ලද විශේෂ සාකච්ඡාවත් සමග අවසන් විය.

    පසුගිය 12 වන දින රාත‍්‍රි කාලයේ දී ආරම්භ කරන ලද මෙම වර්ජනය එක්සත් ලංකා බහළු ප‍්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය විසින් මෙහෙයවන ලද අතර, ඔවුන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම ඒ අනුව, ඔවුන්ට සිදුවන අපහසුතා හා ලැබිය යුතු සුභ සාධක අවශ්‍යතා පිළිබඳව ද ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව හා වරාය අධිකාරියේ සමහර නිලධාරීන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳව ද ඔවුන් විසින් සාධාරණ විසඳුමක් වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කෙරිණි.

     

    ඒ අනුව දෙපාර්ශවය වෙනුවෙන්ම මහාමාර්ග, වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් කැඳවන ලදි. ඒ සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප‍්‍රියත් බී. වික‍්‍රම, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විජේවීර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂ (ආරක්‍ෂක) මේජර් ජනරාල් සනත් කරුණාරත්න, එක්සත් ලංකා බහළු ප‍්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති උදේනී කළුතන්ත‍්‍රී, එහි උප සභාපති වී.ජී. ජයලත්, කාරක සභික ඩබ්.එම්.ආර්.වීරසේකර, එහි ප‍්‍රධාන සංවිධායක උදාර යාපා, වාප්පු ලිපිකරු පාර්ශවය වෙනුවෙන් හට්සන් රාජපක්‍ෂ, බහළු රියදුරන් කේ.එම්.ලක්‍ෂ්මන් කුමාර, රියදුරු එස්.නන්දසිරි යන මහත්වරු මේ සඳහා එක්වූහ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya