නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවලට වැසි

    නොවැම්බර් 11, 2014

    අද (11) නැගෙනහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
     

    අද උදෑසන 05.30ට දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං බටහිර හෝ වයඹ දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.


    නැගෙනහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර තාවකාලිකව රළු විය හැක.  සෙසු දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු නො වේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya