සංස්කෘතික දායාදයේ කොටසක් ලෙස රාජ්‍ය ලේඛන විධිමත් ව කළමනාකරණය සහ සංරක්ෂණය කරනු ලබන ජාතික ආයතනයක් ලෙස ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ලේඛනාරක්ෂක සතිය අද (10) පෙරවරු 9.15ට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ආරම්භ විය.
“ඉඩම් අයිතිය සුරකින අධිලේඛන” යන්න මෙවර ලේඛනාරක්ෂක සතියේ තේමාව යි.
අදින් ආරම්භ වන ලේඛනාරක්ෂක සතිය 17දායින් අවසන් වන අතර මෙයට දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් හා ප්‍රදර්ශනයක් ද ඇතුළත් වේ.
DB