සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත්වූ සාමාන්‍ය පෙළ දරුවන්ට කඩිනමින් හැඳුනුම්පත් Featured

    නොවැම්බර් 09, 2014
    පසුගියදා ඇති වූ නාය යාම නිසා හෝ ගංවතුර තත්ත්වයන් යටතේ ආපදාවට පත්වූවන් අතර මෙවර අපොස (සා/පෙ) විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇත්නම් ඔවුන්ගේ හැඳුනුම්පත් කඩිනමින් ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර මහතා පවසයි.
     
    ඒ සඳහා පාසැල්වල විදුහල්පතිවරුන්ගේ මාර්ගයෙන් අවශ්‍ය තොරතුරු කඩිනමින් දෙපාර්තමේන්තුව වෙත එවීමට කටයුතු කරන ලෙසත් කොමසාරිස් ජෙනරාල්වරයා ඉල්ලා සිටියි. 
     
    එසේ ම මෙවර අපොස (සා/පෙ) විභාගය පිළිබඳ ව සඳහන් කරමින් ඒ සඳහා පාසැල් අපේක්ෂකයන් 370,000ක් පමණ සිටින බවත් ඔවුන් අතරින් 320,000ක පමණ අයදුම්පත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු බවත් පවසා සිටියේය. 
     
    එකී අයදුම්පත් එවූ 320,000න් 265,000ක් පමණ හැඳුනුම්පත් මේ වන විට නිකුත් කර තිබෙන බව පැවසූ සරත් කුමාර මහතා තවත් 30,000ක් පමණ මේ වන විට වැඩ අවසන් කර බෙදා හැරීමට ඇති බවත් 18,000ක් පමණ සකස් කරමින් පවතින බවත් සඳහන් කර සිටියේය.
     
    එසේම නියමිත වයස අසම්පූර්ණ අයදුම්පත් 5000ක් පමණ ඇති බවත් එම අයදුම්පත් වයස සම්පූර්ණ දිනය වන විට වහා ම එකී අයදුම්කරුවන් වෙත ලැබීමට සලස්වන බවත් පැවසු කොමසාරිස් ජෙනරාල්වරයා අසම්පූර්ණ අයදුම්පත් 3000ක් පමණ ඇති බවද මෙහිදි අනාවරණය කර සිටියේය. 
     
    අයදුම්පත්වල ඇති අඩුපාඩු පිළිබඳ ව ඒ ඒ අදාළ විදුහල්පත්වරුන් දැනුවත් කර ඇති බව සඳහන් කළ හෙතෙම ඒවායේ අඩුපාඩු සම්පූර්ණ කර කඩිනමින් නැවත දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සලස්වන ලෙස එකී විදුහල්පතිවරුනට දන්වා සිටින බව ප්‍රකාශ කර සිටියේය.
     
    එසේ ම නොවැම්බර් 30 වැනි දිනට වයස සම්පූර්ණ වන අයදුම්කරුවන් සිටීනම් එදිනට දින 15කට ප්‍රථමවත් තම අයදුම්පත් නිවැරදි ව සම්පූර්ණ කර එවීමෙන් ප්‍රමාදයකින් තොර ව (සා/පෙ) විභාගයට ප්‍රථම තම අයදුම්පත් ලබා ගත හැකි බවද මෙහිදී අනාවරණය කරන ලදී.
     
    මේ වන විටත් ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් නො කළ අපොස (සා/පෙ) අපේක්ෂකයන් ප්‍රමාණයක් සෑම දිස්ත්‍රික්කයක ම පාහේ සිටින බවත් ඔවුනට ද හැකි ඉක්මනින් අයදුම්පත් සම්පූර්ණ කර විදුහල්පතිවරුන් මාර්ගයෙන් දෙපාර්තමේන්තුව වෙත එවීමෙන් විභාගයට ප්‍රථම හා අපහසුතාවකට පත්වීමකින් තොර ව සිය ජාතික හැදුනුම්පත් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද සරත් කුමාර මහතා එහිදී පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya