මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් යාපන ආඥාපති හමුවේ

    ඔක්තෝබර් 31, 2014
    යාපනය ප්‍රදේශයේ සංචාරයක නියුතු එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් පසුගිය දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා හමුවී යාපන ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ ව සාකච්ඡා පවත්වන ලදී.
     
    සිවු දෙනෙකුගෙන් සමන්විත මෙම නියෝජිත කණ්ඩායම ත්‍රස්තවාදය මැඬලීම සඳහා වන විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ජීන් පෝල් ලැබෝඩි මහතා විසින් මෙහෙයවන ලද අතර මෙහිදී යුධ සමයෙන් අනතුරුව යාපනය ප්‍රදේශයේ සිදු කරන ලද හා සිදු කරමින් පවතින ප්‍රජා සුභසාධක ව්‍යාපෘතීන් පිළිබඳ ව ඔවුන්ව දැනුවත් කරන ලදී. 
     
    එසේම මෙහිදී යාපන ජනතාවගේ ආර්ථික, අධ්‍යාපනික, සංස්කෘතික හා ආගමික කටයුතුවලදී මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම වැනි කටයුතුවලදී ද බොහෝදුරට ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ ව සොයාබැලීම සඳහා යාපනයේ ස්ථාපිත කරන ලද සහජීවන කේන්ද්‍රය සම්බන්ධයෙන් ද යාපන ආඥාපතිවරයා විසින් මෙම නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.
     
    7 වන ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී මේජර් චන්ද්‍රික රාජගුරු විසින් යාපනය ප්‍රදේශයේ සිටින කාන්තාවන් සවිබල ගැන්වීම සඳහාත් ඔවුන්ගේ පවුල් සඳහා වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබාදීම සඳහාත් ක්‍රියාත්මක කර ඇති විශේෂ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී මෙම නියෝජිත පිරිස දැනුවත් කරන 
    ලදී.
     
    මෙහිදී මෙම නියෝජිත පිරිස විසින් යාපනය ආරක්ෂක හමුදා විසින් එම ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ආරම්භ කර පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතින් පිළිබඳ ව ආරක්ෂක හමුදාවන් පැසසුමට භාජනය කරන ලදී.
     
    යාපනය ආඥාපතිවරයා මුණ ගැසීමට පෙර මෙම නියෝජිත පිරිස උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හා දිසාපතිවරයා ද හමුවී සාකච්ඡා පවත්වන ලදී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya