මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්කාරක හා සංචාරක කළමනාකරණය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුව

    ඔක්තෝබර් 10, 2014
    දැනුම කළමනාකරණය කිරීමේ ජාත්‍යන්තර ආයතනය විසින් සංවිධානය කරන ලද සත්කාරක හා සංචාරක කළමනාකරණය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දින කොළඹ ගලදාරි හෝටලයේ දී ආරම්භ විය. 
     
    සංචාරක කර්මාන්තය මුහුණ දෙන අභියෝග ජයගැනීමට ප‍්‍රායෝගික සහ නව්‍ය විසඳුම් සෙවීම යන තේමාවෙන් මෙම සමුළුව පැවැත්විණි. 
     
    සමුළුවේ ප‍්‍රධාන දේශනය ලෝක සංචාරක සංවිධානයේ සොරිට්සා යුරෝසෙවික් මහත්මිය විසින් පවත්වනු ලැබුවාය. ආචාර්ය නලීන් අබේසේකර සහ ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා විසින් රචිත චීන සංචාරකයා දිනා ගන්නේ කෙසේද යන ග‍්‍රන්ථය එළිදැක්වීම, ශ‍්‍රී ලංකා ආර්ථීකය පිළිබඳ නවතම තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය එළිදැක්වීම සහ සමුළුවට සමගාමී ව පැවැත්වෙන ප‍්‍රදර්ශනය විවෘත කිරීම ද  අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් එහිදී සිදුකරනු ලැබීය. 
     
    සමුළුව සඳහා විදේශ රටවල් 22ක නියෝජිතයන් සහභාගීවන අතර පසුගිය 07දා ආරම්භ වු මෙම සමුළුව ඊයේ (09) අවසන් විය.
     
    ශ‍්‍රී ලංකා සංචාරක ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථීක විද්‍යා හා හෝටල් කළමනාකරණ පශ්චාත් උපාධි පාඨමාලාව, මැලේසියාවේ කළමනාකරණ හා විද්‍යා සරසවිය, ශ‍්‍රී ලංකා සම්මුති කාර්යාංශය සමුළුව සංවිධානය කිරීම සඳහා සහයෝගය දක්වා ඇත. 
     
    මෙම අවස්ථාවට අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න, එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ උපදේශිකා කැටලිමා එචේවරි මෙනෙවිය ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ. 
     
    DB
     
    CONFERENCE OF HOSPITALITY 1
     
     
    CONFERENCE OF HOSPITALITY 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya