නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දිනවල බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට

    ඔක්තෝබර් 06, 2014

    ඉදිරි දින කීපය තුළ විශේෂයන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සුළං වේගය තරමක් වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (06) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශවල ද ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    අද උදෑසන 05.30ට ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය ගැන නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.


    සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya