මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිම් බෝම්බ ඉවත් කිරීමට ඉතුරුව ඇත්තේ වර්ග කිලෝ මීටර 80ක ප්‍රදේශයක පමණයි

    ඔක්තෝබර් 01, 2014
    යුද්ධයෙන් පසු උතුරු, නැගෙනහිර වර්ග කිලෝ මීටර 2,064ක පමණ ප්‍රදේශයක මේ වන විට බිම් බෝම්බ ඉවත් කිරීම සාර්ථක ව අවසන් කර ඇති අතර තවත් ඉතුරුව ඇති වර්ග කිලෝ මීටර 80ක පමණ වන ගහණ ප්‍රදේශවල දැනට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.
    යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා අද (01) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති සතියේ ආරක්ෂක මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කළේය.
     
    වන ගහණයෙන් තොර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීම යන්ත්‍රසූත්‍ර හා තාක්ෂණික උපකරණ භාවිතයෙන් සිදු කළ බවත් දැනට ඉතුරුව ඇති වන ගහණ ප්‍රදේශවල යන්ත්‍ර භාවිතය දුෂ්කර බැවින් බිම් බෝම්බ ඉවත් කිරීම මිනිස් ශ්‍රමයෙන් සිදු කෙරෙන බවත් බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ප්‍රකාශ කළේය.
     
    උතුරු, නැගෙනහිර පළාත්වල යාපනය, මුලතිව්, කිලිනොච්චිය, අම්පාර, මඩකළපුව, ත්‍රීකුණාමලය, පොලොන්නරුව හා අනුරාධපුරය වැනි ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීම සිදු කර ඇත.  
     
    යාපනයේ වර්ග කිලෝ මීටර 10ක පමණ ප්‍රදේශයක්ද, මුලතිව් වර්ග කිලෝ මීටර 30ක පමණ ප්‍රදේශයක් ද අනුරාධපුරයේ වර්ග කිලෝ මීටර 02ක පමණ ප්‍රදේශයක් ද පොලොන්නරුව වර්ග කිලෝ මීටර 0.3ක පමණ ප්‍රදේශයක් ද බිම් බෝම්බ ඉවත් කිරීමට ඉතුරු ව ඇති වර්ග කිලෝ මීටර 80ක පමණ ප්‍රදේශයට අයත් වේ.
     
    බිම් බෝම්බ ඉවත් කිරීම සාර්ථකව සිදු කෙරෙනුයේ  ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින බිම් බෝම්බ ඉවත් කිරීමේ අධිකාරිය සමඟ යුද හමුදාව හා රාජ්‍ය හා රාජ්‍ය නොවන දේශීය, විදේශීය සංවිධානවල දැඩි කැපවීම මත බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    මෙතෙක් අවසන් කරන ලද බිම් බෝම්බ ඉවත් කිරීමේ 68%ක් පමණ යුද හමුදා ඉංජිනේරු බළකාය මඟින් සිදු කර ඇත.
     
    ලෝකය දෙස බලන කල ලංකාව යුද්ධයෙන් පසු බිම් බෝම්බ ඉවත් කිරීමේදී හා නැවත පදිංචි කිරීමේදී ලබා ඇත්තේ අති විශිෂ්ට ජයග්‍රහණයක් බව බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා එහිදී පැවසීය.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya