අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශයන්හි උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය
ත්‍රිකුණාමලයට යාපනයට මන්නාරමට අනුරාධපුරයට මඩකළපුවට නුවරඑළිය, මහනුවර සහ රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගාල්ල සහ කොළඹට උදෑසන කාලයේ වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.
උෂ්ණත්වය හා වර්ෂාපතනය
අද උදෑසන 5.30 වනවිට මි.මී. 21.6ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමෙන් ද මි.මී. 71.1ක වර්ෂාපතනයක් මන්නාරමින් ද මි.මී. 25.8ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 20.6ක වර්ෂාපතනයක් ත්‍රිකුණාමලයෙන් ද මි.මී. 24.5ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද වාර්තා වී තිබේ.
අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.5°C රත්නපුරය සහ යාපනය ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.3°C නුවරඑළියෙන් ද මි.මී. 79.1ක උපරිම වර්ෂාපතනය හඳපානාගල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.
HC