මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සංචාරක දිනය අද අහුංගල්ලේදී සැමරේ

    සැප්තැම්බර් 27, 2014

    ලෝක සංචාරක දිනය අද (27) ට යෙදී තිබේ. එය ශ්‍රී ලංකාවේ සැමරීමේ උත්සවය අහුංගල්ල හෙරිටන්ස් හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

    කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ සංචාරක හා හෝටල් කළමනාකරණ අධ්‍යයන අංශය, අහුංගල්ල හෙරිටන්ස් හෝටලය සහ දකුණු පළාත් සංචාරක හෝටල් සංගම් ඒකාබද්ධව මෙවර ලෝක සංචාරක දින සැමරුම් උත්සවය සංවිධානය කර තිබේ.එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) 1970 දී සැප්තැම්බර් 27 වෙනි දා ලෝක සංචාරක දිනය ලෙස නම් කිරීමත් සමඟ අඛණ්ඩව සෑම වසරක ම ලෝක සංචාරක දිනය සමරනු ලැබීය.


     1980 වන විට මෙහි අර්ථය තව දුරටත් පුළුල් කරමින් සමාජ, සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික යන සෑම අංශයක් ම නියෝජනය වන පරිදි ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ලෝක සංචාරක දිනය සැමරීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබේ.


     “සංචාරක හා ප‍්‍රජා සංවර්ධනය”යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර ලෝක සංචාරක දිනයේ දී අහුංගල්ල ප‍්‍රදේශය ආශ‍්‍රිත ව උත්සව රැසක් පැවැත්වේ. මෙහි සමාරම්භක උත්සවයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුරංග සිල්වා සහ රෆීන් එන් රසීන් යන මහත්වරු  “සංචාරක හා ප‍්‍රජා සංවර්ධනයේදී සංචාරක ව්‍යාපාරයේ භූමිකාව” යන මැයෙන් දේශන පැවැත්වූහ.


     සංචාරක කර්මාන්තයේ තිරසාර බව කරා යන ගමනේදී ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දමමින් සංචාරක කර්මාන්තය නිසි දිශාවට යොමු කිරීමේ අරමුණින් මෙවර ලෝක සංචාරක දිනය සැමරේ. මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය කුමාර් හිරිඹුරේගම මහතා සහභාගී විය.


     මීට සමගාමී ව හෙරිටන්ස් හෝටලයේ සිට අහුංගල්ල බස් නැවතුම දක්වා “තිරසාර සංචාරක සංවර්ධනයක් සඳහා වගකිව යුතු ප‍්‍රජා සාමාජිකයින් වෙමින් අපගේ ගමනාන්තය වඩා ආකර්ෂණීය කරමු” යන තේමාව යටතේ ගමන් කරන පාගමනක් ද සංවිධානය කෙරිණ.


    අද පස්වරුවේ අහුංගල්ල ශ‍්‍රී පුලිනනලාරාම විහාරස්ථානයේ දී ප‍්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් හා හෙරිටන්ස් හෝටල් සම්මන්ත‍්‍රණ ශාලාවේදී සංචාරක කර්මාන්තයේ නියැළි පුද්ගලයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වේ.


     අහුංගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේදී වෘත්තීය සංවර්ධන වැඩසටහනක් පැවැත්වෙන අතර මෙහිදී ආචාර්ය පබ්ලිස් සිල්වා සහ වෛද්‍යාචාර්ය නවාස් යන මහත්වරු දේශන පැවැත්වූහ.


     එමෙන් ම බලපිටිය මූලික රෝහලේ ළමා වාට්ටුව පිළිසකර කිරීමේ වැඩසටහනක්ද අද ක‍්‍රියාත්මක කෙරිණ.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya