මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා ම වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    සැප්තැම්බර් 27, 2014

    අද (27) අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී දිවයින පුරා ම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැතිර යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශන්හි උදය කාලයේදී ද වැසි ඇති විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට අපරභාගයේදී  හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මඩකළපුවට අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    නුවරඑළිය, මහනුවර සහ රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ගාල්ල සහ කොළඹට සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි සහ උදෑසන කාලයේ දී වැසි ඇති වේ.

    යාපනයට මන්නාරමට සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති වේ.

    ත්‍රිකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 45.3ක වර්ෂාපතනයක් රත්නපුරින් ද මි.මී. 42.3ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 44.4ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 31.6ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 58.0ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 25.4ක වර්ෂාපතනයක් බණ්ඩාරවෙලින් ද මි.මී. 66.8ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.°C ත්‍රිකුණාමලය සහ අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.2°C පොලොන්නරුව සහ වවුනියාව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.1°C නුවරඑළියෙන් ද මි.මී. 165.0ක උපරිම වර්ෂාපතනය කිරිඳිවැල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya