මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරභාගයේදී දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි Featured

    සැප්තැම්බර් 23, 2014

    අද (23) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ අනෙක් පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට වැසි වාර කිහිපයක් ඇති වේ.


    යාපනයට හා මන්නාරමට වැසි ස්වල්පයක් ඇතිවිය හැක.


    අනුරාධපුරයට ත්‍රිකුණාමලයට මඩකළපුවට අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 14.2ක වර්ෂාපතනයක් බදුල්ලෙන් වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.°C අනුරාධපුරය සහ ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.5°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.1°C නුවරඑළියෙන් ද මි.මී. 33.8ක උපරිම වර්ෂාපතනය කලවැදි උල්පොත ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya